අපේ රටේ බොහෝ දෙනා “තේරුම දන්නා බණට” වඩා, “තේරුම නොදන්නා පිරිත” ට වැඩි කැමැත්තක් දක්වන බවද පෙනේ. පරිත්‍රාණ දේශනාවක ඇති ගීතවත් බව, මිහිර, ගයන රිද්මය හා රටාව, හා ඔදවත් තෙදවත් බව නිසා, පිරිත් දෙසුමකට සවන් දීම මනසට විශාල සහනයක් හා සන්තුෂ්ටියක් ගෙනදීම එයට හේතුභූත වන්නට ඇත.

සෙත් පිරිත්


Powered by දහම් විල


කෝටි ලක්ෂයක් සක්වල සිටින දෙවියන් බ්‍රහමයන් අමනුෂයන් ඇතුළු සියළු සත්වයන්ට ඇසෙනසේ කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටුවා බුදුකෙනෙක් දේශනා කරන දේශනාවන්
තුන්සූත්‍රය

මහා මංගල සූත්‍රය
රතන සූත්‍රය
කරණීය මෙත්ත සූත්‍රය


පිරිත් සජ්ක්‍ධායනා එකතුව


Powered by දහම් විල

ශනි ඒරාෂ්ටක අපලයට පිළියමක්‌ ලෙස බුදුවරු දසනමක්‌ දිශාගතකොට දේශනා කර ඇති දසදිසා පිරිත උදේ හවස භාවිත කිරීමත් නිර්මාංශව භාවනානුයෝගීව සිත කය වචනයෙන් සංවරව කල්ගෙවීමත් කළ හැකිය.

පාළි සිංහල පිරැවානා පොත් වහන්සේ

අටවිසි පිරිත

Share this page

මනස සනසන පිරිත් සුතුර

සත්‍ය ගුණ සමුදායක්, භක්තියෙන්, අධිෂ්ඨානපූර්වකව සිහිපත් කිරීමෙන් ලබන්නා වූ ඉමහත් ආශිර්වාදාත්මක දෙසුමකි පිරිත. ඉතාමත් සුමිහිරි වදන් තුළින් සිතට ලැබෙන සිසිල අනන්තය. අප්‍රමාණය. ජය ශ්‍රී මහා සමිඳු අසල සිටින විට ඔබේ ගතට හා සිතට දැනෙන සුවය වචනයෙන් විස්තර කළ නොහැකි ය. ඔබ පරිත්‍රාණ දේශනාවකට සවන් දෙන විටත්, හඬනඟා පිරිත් සූත්‍ර කියන විටත් ඔබේ මනසට කෙතරම් සුවයක් ගෙනදේද?
දිනපතා පිරිත් කීමෙන් ලැබෙන සතුට හා වින්දනය, ඒ දිනය පුරා ඔබට ප්‍රබෝධවත්ව සිටීමට හේතුකාරක වන බව මම අත්දැකීමෙන් දනිමි. වසර ගණනාවක් මුළුල්ලේම දිනපතා උදෑසන මිනිත්තු 45 ක් පමණ පිරිත් සජ්ඣායනා කිරීම මාගේ පුරුද්දයි. ඉන්, මගේ සිතට ගතට සිසිලක් ලැබේ.
වරක් එක්තරා විද්‍යුත් මාධ්‍යයක් මා සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවක දී මගෙන් ප්‍රශ්නයක් ඇසුවේ ය.
මීට වසර 30 කට පෙර, ඔබට සවන් දුන් ශ්‍රාවකයන් කියනවා, ඔබේ කටහඬ, එදා වසර 30 කට පෙර තිබුණු කටහඬම, අදත් ඔබ රැකගෙන තිබෙන බව, මේ තත්ත්වය රැකගන්නට ඔබේ කටහඬට කිසියම් අභ්‍යාසයක්  (හඩ පුහුණ්‍රවක්) කරනවාද?
මගේ කටහඬ රැකගන්නට මා කරන එකම අභ්‍යාසය දිනපතාම ශබ්ද නගා පිරිත් සජ්ක්‍ධායනා කිරීමයි. තුන් සූත්‍රය, බෝජ්ජංගය, ධජග්ගය, මෝර පිරිත, අටවිසි පිරිත, ජය පිරිත, ජිනපඤ්ජරය, මහා ජයමංගල ගාථා, සීවලී පිරිත, මා දිනපතාම ශබ්ද නගා සජ්ඣායනා කරනවා ගෙදරටම ඇහෙන්න.
මෙම පුරුද්ද මට කුඩාකාලයේ සිටම හුරුපුරුදු වූයේ මාගේ මෑණියන් වහන්සේ බුදුන් වඳින විට ඇය සමීපයෙන්ම සිට ඇය කී පිරිත, දොහොත් මුදුන් දී අසා සිටි බැවිනි. බුදුන් වහන්සේ ශ්‍රී පාදයට වැඩම කළ අවස්ථාවේ දිවාගුහාවේ සිට දේශනා කරන ලද පිරිත් සජ්ඣායනය අදත් ඇසෙන බව ඇය පවසනවා මම අසා ඇත්තෙමි.
ඉන්දු ආර්ය යුගයේ සිටම දේවිදේවතාවන්ගේ ආශිර්වාදය ලබාගැනීම සඳහා ගීතිකා ගායනා කළ බව ඉතිහාසයේ සඳහන් වේ. භාරතයේ සෘග්වේදය ආදී වේද ග්‍රන්ථ වලත්, භගවත් ගීතාව වැනි ආගමික, සාහිත්‍ය ග්‍රන්ථ තුළත්, මේ දර්ශනය අන්තර්ගත වේ.
භගවත්ගීත සජ්ඣායනා කිරීම, අද හින්දුන් අතර ප්‍රචලිත ය. සතුරන් ජයගැනීම, නිරෝගී බව, සම්පත් වර්ධනය, දරුඵල ලැබීම, අව්ව වැස්ස ලබාගැන්ම, සඳහා ඉන්දියාව එදා වේද සජ්ඣායනා භාවිතා කළේ ය.
බෞද්ධයන්ට පිරිත් පොත හා ජාතක පොත තරම් උතුම් පොත් දෙකක් තවත් නොමැත. එමනිසා, ඒවා හඳුන්වන්නේ පිරිත් පොත් වහන්සේ, ජාතක පොත් වහන්සේ වශයෙනි.
පිරිත් පොතේ ඇති ප්‍රධාන අන්තර්ගතය සතර බණවර ලෙස හැඳින්වේ.
පළමු බණවරට - සරණාගමනය, දස සික්ඛා, සාමනේර පඤ්හා, ද්වස්තිථියාකාර, පච්චවෙක්ඛනා, දසධම්ම, මංගල, රතන හා කරණීය තුන් සූත්‍ර, මිත්තානිසංස, ඛන්ධ, මෙත්ත, මෝර, චන්ද, සූර්ය, ධජග්ග, ඇතුළත් වෙයි.
බොජ්ඣංග, ගිරිමානන්ද, ඉසිගිලි මහා කස්සප ථෙර බොජ්ඣංග, මහා මොග්ගල්ලාන ථෙර බොජ්ඣංග, මහා චුන්දථෙර බොජ්ඣංග, පරිත්ත දෙවන බණවරයි.
තුන්වන හා හතරවන බණවර දෙක ආටානාටිය සූත්‍රයේ සජ්ඣායනය වේ.
මේවාට අමතරව, සූත්‍ර 7 ක් ඇත. ඒවා සූත්‍ර දේශනා ලෙස හැඳින්වේ. ධම්මචක්කය, මහාසමය, ආලවක, පරාභව, අග්ගිභාරද්වාජ, සච්චිවිභංග යයි.
පසු කලෙකදී පිරුවානා පොත් වහන්සේ සතර බණවරට පමණක් සීමා නොවිණ. දෛනික අවශ්‍යතාවයන් සඳහා ජය පිරිත, ගිහිපිරිත, සීවලී පිරිත සජ්ඣායනා කිරීම ද සිදුවිය.
පිරිත් සූත්‍ර දේශනා අතුරින් ප්‍රධාන සූත්‍ර පහකි. එනම්,
1. රතන, 2. චන්ද, 3. ධජග්ග, 4. මෝර, 5. ආටානාටිය
පිරිත් පොත බණවර නමින් කොටස් 4 කට බෙදා ඇත.
පළමුවන බණවර අවසන් වන්නේ ධජග්ග සූත්‍රයෙනි. දේවාරාධනය, නමස්කාරය, ජයමංගල ගාථා, මංගල රතන, කරණීයමෙත්ත, ධම්මචක්ක, බොජ්ඣංග, මහා මොග්ගල්ලාන ථෙර බොජ්ක්‍ධංග ධජග්ගයට පෙර දක්නට ලැබෙන සූත්‍රයන් ය.
දෙවැන්න අවසන් වන්නේ ඉසිගිලි සූත්‍රයෙන් ය.
තෙවැන්න අවසන්වන්නේ ආටානාටිය සූත්‍රයේ මුල් කොටසින් ය. සිව්වැන්න නිමවන්නේ ආටානාටිය සූත්‍රයේ අවසන් කොටසින් ය.
චතුබාණවරපාලියට අයත් සූත්‍ර දේශනා ලබාගෙන ඇත්තේ නිකායවලින් ය. ඒවා නම් බුද්දක (12) අංගුත්තර (05) සංයුත්ත (08) දීඝ (02) මජ්ඣිම (02) වශයෙන් ය.
තෙරුවන් සරණයාම ප්‍රථමයෙන් ඉටුකිරීම, පිරිත්වලට පමණක් නොව, සියලුම බොදු වත්පිළිවෙත්වලදී පොදු ය. පිරිත් දේශනා “සරණාගමන” යාමෙන් ඇරැඹේ. මින් අදහස් කරන්නේ බුදුන් දහම්, සඟුන් සරණයාමයි. එයින් තමන් හට ආරක්‍ෂාව ලැබේ. චතුභාණා වරපාලියේ අඩංගු සූත්‍රයන්ගේ ආරම්භවන්නේ එපරිද්දෙනි. දෙවැන්න “දශසිඛ” නම් වේ. ශික්‍ෂා පද දහයකි.
මුළු මහත් සක්වල මහානුභාව ඇතැයි පැවසේ. මෙහිදී පිරිත් සූත්‍රයන්ගේ ආනිසංස දක්වන මිලින්ද ප්‍රශ්නයේ කොටසක් මෙහිලා උපුටා දක්වමි.
“කරන ලද පිරිත් ආරක්‍ෂාව ඇති පුරුෂයා, නාගයා දෂ්ඨ නො කරන්නේ ය. මුඛය පියාගන්නේ ය. සොරුන් විසින් තලන්නට ගත් මුගුරු පවා නො පැමිණෙන්නේ ය. ඒ සොරු, මුගුරු දමා ළඟට අවුත් ප‍්‍රියවන්නේ ය. කුපිත වූ හස්තිරාජ තෙම ළඟට දිව අවුත් වලකින්නේ ය. දිලිසෙන මහා අග්නිද ඛන්දය ළඟට පැමිණ නිවෙන්නේ ය. අනුභව කළ විෂ පවා අමෘත බෙහෙත් වන්නේ ය”
පිරිත පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීම වැදගත් ය. ඒ මඟින් පිරිතේ අනුභාවය හා ආරක්‍ෂාව ලැබේ. සිංහල බෞද්ධයා තුළ පිරිත පිළිබඳ ඇත්තේ අසීමිත ගෞරවයකි. පිරිතේ ආශිර්වාදයෙන් ලොව බිහිවූ එකම ජාතිය සිංහල ජාතියයි. විජයාවතරණයෙන් පිරිත් නූලෙන් ලද ආශිර්වාදය කියැවෙයි. හෙල රජ දරුවන්, පිරිත ජාතියටම ආශිර්වාදයක් කරගත්තේ ය. රුවන්මැලි මහාසෑයේ ධාතූන් නිදන් කරන විටදී, මහා සංඝරත්නය මුළු රෑ පිරිත් ධර්මය දේශනා කළහ.
මිනිසාගේ එලොව මෙලොව යහපතට හේතුවන දේ, කරුණු මංගල නම් වේ. එවැනි මංගල කරුණු 38 ක් මංගල සූත්‍රයේ ඇතුළත් ය. අපගේ ජීවිතය සාර්ථක කරගැනීමට මෙම මංගල කරුණු බලපාන බැවින් ඒවා පහත දක්වමි.
අටතිස් මංගල කාරණා, බුදුරජාණන් වහන්සේ විසින් දෙසූ මහා මංගල සූත්‍රයට ඇතුළත් යහපත් ජීවිතයකට අවශ්‍ය කරුණු තිස් අට
1. බාලයන් සේවනය නොකිරීම, 2. පණ්ඩිතයන් සේවනය කිරීම, 3. පිදිය යුත්තන් පිදීම, 4. යහපත් ප්‍රදේශයක විසීම, 5. පෙර කළ පින් ඇති බව, 6. සිත මනා කොට පිහිටුවීම, 7.බහුශ්‍රැත බව, 8. ශිල්ප දැනීම, 9. මනා හික්මුණු විනය ඇති බව, 10. හොඳ වචන කතා කිරීම, 11. මවට උපස්ථාන කිරීම, 12. පියාට උපස්ථාන කිරීම, 13. අඹු දරුවන්ට උපස්ථාන කිරීම, 14. නිරවුල් කර්මාන්ත කිරීම, 15. දන්දීම, 16. දසකුසල ධර්මයේ හැසිරීම, 17. ඥාතීන්ට සංග්‍රහ කිරීම, 18. නිරවද්‍ය කර්මාන්ත කිරීම, 19. පවෙහි නොඇලීම හා වැළකීම, 20. කුසල ධර්මයන්හි නොපමා බව, 21. ගරු කළ යුත්තන්ට ගරු කිරීම, 22. යටත් පහත් පැවතුම් ඇති බව, 23.ලද දෙයින් සතුටු වීම, 24. කෙළෙහි ගුණ දන්නා බව, 25. නිසි කල බණ ඇසීම, 26. ඉවසීම, 27. කීකරු බව, 28. ශ්‍රමණයන්ගේ දැකීම, 29.නිසි කල ධර්ම සාකච්ඡා පැවැත්වීම, 30. සිල් රැකීම, 31. බ්‍රහ්මචාරී වීම, 32. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම, 33. අෂ්ඨලෝක ධර්මයෙහි දී සිත කම්පා නොවීම, 34. ශෝක රහිත බව, 35. රාග රහිත බව, 36.භය නැති කම, 37.මත්පැනින් වැළකීම, 38. නිවන් අවබෝධ කර ගැනීම.
පෙර විසාලා මහනුවර වැසි නොවැසීමෙන් දුර්භික්‍ෂයක් ඇති විය. ආහාර හිඟවීමෙන් බොහෝ දෙනා මළහ. රෝග, අමනුෂ්‍ය, දුර්භික්‍ෂය දුරුකිරීමට අනඳ හිමියෝ බුදුන්ගේ පාත්‍රයෙන් පිරිත් පැන් විසාලා නුවර ඉසූ බව සඳහන් වේ.
මහා මංගල සූත්‍රයේ සඳහන් වන්නේ තමන්ගේ දිවිය සාර්ථක කරගැන්මට වැදගත් වන සුභවාදී කරුණු නොහොත් මංගල කරුණු ය. මෙය ගිහියන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට වැදගත් ය.
බෞද්ධයන් අතර ඉමහත් ගෞරවයට පාත්‍ර වූ පොත් වශයෙන් පන්සිය පනස් ජාතක පොත, පිරිත් පොත හා ධම්මපදය ප්‍රධාන තැනක් ගනී. මේ අතරින් වඩාත් පූජනීයත්වයට පත්ව ඇත්තේ පිරිත් පොතයි. ඒ නිසා, එම පොත නිකම්ම පොතක් වශයෙන් හඳුන්වන්නේ නැත. එයට, “පිරුවානා පොත් වහන්සේ” නමින් ඉමහත් ගෞරවයෙන් හැඳින්වීමට ශ්‍රී ලංකා බෞද්ධයෝ පුරුදු වී සිටිති. ඉන් සක්සුදක් සේ පැහැදිලිවන්නේ, පිරිත් පොතට දක්වන ගෞරව සැලකිල්ලයි. පන්සල්වලත් ගෙවල්වලත් පිරිත් සජ්ඣායනා කිරීමේ සිරිතට ඇත්තේ දිගු ඉතිහාසයකි. පිරිත් කීමෙන් අපල උපද්‍රව දුරුවන බවටත්, එමෙන්ම වාසනාව, භාග්‍යය ළඟාකරදෙන බවටත් විශ්වාසයක් ඇත.
අපේ රටේ බොහෝ දෙනා “තේරුම දන්නා බණට” වඩා, “තේරුම නොදන්නා පිරිත” ට වැඩි කැමැත්තක් දක්වන බවද පෙනේ. පරිත්‍රාණ දේශනාවක ඇති ගීතවත් බව, මිහිර, ගයන රිද්මය හා රටාව, හා ඔදවත් තෙදවත් බව නිසා, පිරිත් දෙසුමකට සවන් දීම මනසට විශාල සහනයක් හා සන්තුෂ්ටියක් ගෙනදීම එයට හේතුභූත වන්නට ඇතැයි සිතිය හැක.
පිරිත් පුරන ස්වාමීන් වහන්සේ දෙනමකි. පිරිත් මණ්ඩපයේ වැඩ සිටින අනෙක් භික්‍ෂූන් වහන්සේ සමූහයක් ලෙස පිරිත සජ්ඣායනා කරන විට අපගේ සිත සතන්වලට අමුතුම ජීවයක් ලැබේ. රිද්මයානුකූලව හඬ උස් පහත් කිරීම නිසා, එහි අගය දෙගුණ තෙගුණ වේ. එහි ඇත්තේ පුදුම ගීතවත් බවකි. පිරිත් කීමට පෙර “පිරිත් ආරම්භක ගාථා” කියවීම ඉතා වැදගත් ය.
පරිත්ත යන වචනයේ තේරුම ආරක්‍ෂාවයි.  (Protection) භික්‍ෂූන් වහන්සේ 30 න් හෝ 29 ක් උපරිම වශයෙන් පිරිත් මණ්ඩපයක වාඩිගෙන පිරිත් සජ්ඣායනා පවත්වති. ඒ මඟින් සියලුම උපද්‍රව දූරිභූත වනවා යයි විශ්වාසයක් පවතී. මේ නිසා බෞද්ධයන් ඕනෑම සුභ කටයුත්තකදී පිරිත් දේශනා කරවීම සාමාන්‍ය සම්ප්‍රදායකි. මැති ඇමැතිවරුන් දිවුරුම් දීමෙන් පසුවත්, වැඩ බාරගන්නා විටත්, මුල්ගලක් තබනවිටත්, ගොඩනැඟිල්ලකට ගෙවදින විටත්, පිරිත් සූත්‍ර කිහිපයක් හෝ කියා ආශිර්වාද ලබාගැන්ම සාමාන්‍ය සම්ප්‍රදායයි. සෑම සුභ කටයුත්තකදීම පිරිත් සූත්‍ර කිහිපයක් හෝ දේශනා කිරීම බෞද්ධයන්ගේ සිරිත ය.
සිහබා රජු පින් හෙල විජය කුමර අනුගත හත්සියයක් පිරිවර ඇතිව ලාට රටින් අවුත් ලක්දිව බැස්සේ ය. “දේවොන්ද්‍රය මාගේ සස්න ලක්දිව පිහිටන්නේ ය.
තම සිත තුළ ඇතිවන බිය සැක දුරු කිරීම සඳහා පිරිත් වලින් ප‍්‍රයෝජන ලැබේ. ඔබට ඇතිවන මානසික ප්‍රශ්නවලට මුහුණ දීමේ දී පිරිත විශාල බලවේගයක් ලෙස ද සැලකිය හැකි ය. ඔබ තුළ ඇතිවන බය හා සැක දුරු කරන්න ධජග්ග සූත්‍රය බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ධජග්ග යනු කොඩියයි. යුධ පිටියේ දී බියක් ඇති වූ විට බුදුන් වහන්සේ පවසන්නේ තමාගේ කොඩිය යුධ කොඩිය ලෙස බලන ලෙසයි. එවිට ඔබගේ බිය හා සැක පහවී චිත්ත ධෛර්යය වැඩිවේ.
ඈත අතීතයේ පටන් අප රටේ නිර්මල බුදුදහම රැකුණේ අපගේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නිසා ය. උන් වහන්සේලා මුළු ජාතියටම අවවාද අනුශාසනා පවත්වමින් ජනතා සුභ සිද්ධිය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළහ. ශ්‍රී ලංකාවේ පරිත්‍රාණ ධර්මදේශනා පවත්වමින් ජනතාවට සෙත් පැතීම සඳහා උන්වහන්සේ ඇප කැප වී සිටිති. අපගේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ ඉතා මධුර ස්වරයෙන් පිරිත් සජ්ඣායනා කරන විට අපගේ සිතට හා ගතට දැනෙන්නේ අසිරිමත් සුවයකි.
අප රටේ පරිත්‍රාණ ධර්ම දේශකයාණන් වහන්සේ අතුරින් කොල්ලුපිටියේ වාලුකාරාමාධිපතිව වැඩ විසූ, ප්‍රවචන කීර්ති ශ්‍රී මාවිත්තර ශ්‍රී රේවත හිමිපාණන්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ජිනවචන කෝෂය නම් බෞද්ධ විශ්වකෝෂය ලියූ මාවිත්තර ශ්‍රී රේවත හිමිපාණන් පරිත්‍රාණ ධර්ම දේශනාවට පමණක් නොව, අනුශාසන දේශනා පැවැත්වීමේ දී විශාල ප්‍රසිද්ධියක් ඉසුලූහ. 1930 ගණන් වල සිට 1958 දක්වා උන්වහන්සේ පරිත්‍රාණ ධර්ම දේශනාවල කැපී පෙනුණු සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි.
මාවිත්තර ශ්‍රී රේවත නාහිමියන්ට අමතරව, පළාතොට, ඉන්ද්‍රජෝති, බොරලැස්ගමුවේ උපාලි බස්නාගල විමලරතන, වත්තල සීලරතන, මාපලගම බුද්ධසිරි, පුහුල්වැල්ලේ ධම්මානන්ද, ඥානින්ද සහ කුසලඥාන විශිෂ්ට ධර්ම දේශකයාණන් වහන්සේලාගෙන් කිහිපනමක් ලෙස අපි අසා ඇත්තෙමු.
පරිත්‍රාණ ධර්මදේශනාව බෞද්ධයන්ගේ ජීවිතයට ඉතාමත් සමීපය. සම්බන්ධය.
අනාදිමත් කාලයක සිට පැවත එන මෙම පරිත්‍රාණ ධර්ම දේශනා අනාගතයේ දී ද දිගටම පවත්වා ගෙන යාම බෞද්ධ භික්‍ෂූන්වහන්සේගේ මහඟු කාර්යයක් වන්නේ ය.

ඔබ සැමට තෙරුවන් සරණයි!

ප්‍රේමසර ඈපාසිංහ
බුදුසරණ
free counters