අපේ රටේ බොහෝ දෙනා “තේරුම දන්නා බණට” වඩා, “තේරුම නොදන්නා පිරිත” ට වැඩි කැමැත්තක් දක්වන බවද පෙනේ. පරිත්‍රාණ දේශනාවක ඇති ගීතවත් බව, මිහිර, ගයන රිද්මය හා රටාව, හා ඔදවත් තෙදවත් බව නිසා, පිරිත් දෙසුමකට සවන් දීම මනසට විශාල සහනයක් හා සන්තුෂ්ටියක් ගෙනදීම එයට හේතුභූත වන්නට ඇත.

කරණීය මෙත්ත සූත්‍රය

කරණීය මෙත්ත සූත්‍ර ධර්ම දේශනාව
(නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ)
Powered by දහම් විල


කරණීය මෙත්ත සූත්‍රය
Powered by දහම් විල


1.
කරණීය මත්‍ථ කුසලෙන 
යං තං සන්තං පදං අභිසමෙච්ච  
සක්කො උජූ ච සූජූ ච  
සුවචො චස්ස මුදු අනතිමානි
2.
සන්තුස්සකො ච සුභරො ච 
අප්පකිච්චො ච සල්ලහුකවුත්ති 
සන්තින්ද්‍රියො ච නිපකො ච 
අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො
3.
නච ඛුද්ධං සමාචරේ කිඤ්චි 
යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං 
සුඛිනො වා ඛෙමිනො හොන්තු 
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
4.
යෙ කෙචි පාණ භූතත්ථි 
තසා වා ථාවරා වා අනවසෙසා 
දීඝා වා යෙ මහන්තා වා 
මජ්ඣිමා රස්සඛාණුකථූලා
5.
දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා 
යෙච දූරෙ වසන්ති අවිදූරෙ 
භූතා වා සම්භවෙසීවා 
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
6.
නපරො පරං නිකුබ්බේථ 
නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි 
ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා 
නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය
7.
මාතා යථා නියං පුත්තං 
ආයුසා එක පුත්ත මනුරක්ඛෙ 
එවම්පි සබ්බභූතෙසු 
මානසං භාවයෙ අපරිමානං
8.
මෙත්තං ච සබ්බලොකස්මිං 
මානසං භාවයෙ අපරිමානං 
උද්ධං අධො ච තිරියඤ්ච 
අසම්බාධං අවෙරං අසපත්තං
9.
තිට්ඨං චරං නිසින්නෝ වා 
සයානො වා යාවතස්ස විගතමිද්ධො 
එතං සතිං අධිට්ඨෙය්‍ය 
බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු
10.
දිට්ඨිං ච අනුපගම්ම සීලවා 
දස්සනේන සම්පන්නො 
කාමෙසු විනෙය්‍ය ගෙධං 
නහිජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති
11.
ඒතේන සජ්ජවජේන 
සොථිතේ හොන්තු සබ්බදා /// *
සභිතියෝ විවජන්තූ 
සබ්බරෝගෝ විනස්සතූ 
මාතේභවත් අන්තරායෝ 
සුඛීදීඝායුකෝ භව *
භවතු සබ්බ මංගලම් 
රංකන්තු සබ්බ දේවතා 
සබ්බ බුද්ධානුභාවේන 
සදාසොත්ථි භවන්තුතේ *
භවතු සබ්බ මංගලම් 
රංකන්තු සබ්බ දේවතා 
සබ්බ ධම්මානුභාවේන 
සදාසොත්ථි භවන්තුතේ *
භවතු සබ්බ මංගලම් 
රංකන්තු සබ්බ දේවතා 
සබ්බ සංඝානුභාවේන 
සදාසොත්ථි භවන්තුතේ *
නංඛත්තයක්ත භූතානං 
පාපග්‍රහ නිවාරනා 
පරිත්ත්‍රසානු භාවේන 
හොන්තුතේ සං උපද්දවේ /// *

කරණීය මෙත්ත සූත්‍රය ඒ ඒ කොටස් ගෙන මැතිරීමෙන් යක්ෂ භුත දොස් දුරැ වේ. වගාවන්ට කුරැම්ණියන්ගෙන්, මීයන්ගෙන්, මැස්සන්ගෙන් සතුන්ගෙන් හා කෘමින්ගෙන් වගාවන්ට සිදුවන හානි වැළකේ. ගව සම්පත දියුණු වේ. * මුද්‍රණයට හා බාගතකරගැනීමට PDF

තේරුම 1. ශාන්ත පදයට පැමිණ වසනු කැමැත්තහු විසින් යමක් කළ යුතු ද? අභිවෘද්ධියෙහි දක්ෂයා එය කට යුතු ය. හේ සමර්ථයෙක් වන්නේ ය. අවංක වන්නේ ය. මැනවින් අවංක වන්නේ ය. කීකරු වන්නේ ය. මෘදු වන්නේ ය. නිහතමානි වන්නේ ය. 

තේරුම 2. සන්තෝෂ ඇත්තෙක් වන්නේ ය. පහසුවෙන් පෝෂණය කළ හැකෙක් වන්නේ ය. ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේ ය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේ ය. සන්හුන් ඉඳුරන් ඇත්තෙක් වන්නේ ය. ප්‍රඥාවත් වන්නේ ය. හැඩි දැඩි නොවන් නේ ය. කුලයන්හි නො ඇලෙන්නේ ය. 

තේරුම 3. යම් ක්‍රියාවක් නිසා නුවණැති අන්‍යයෝ නින්දා කෙරෙත් නම් එබඳු කුඩා වූ වරදක් පවා නො කරන්නේ ය. සියුල සත්හු සුව අත්තෝ භය නැත්තෝ වෙත් වා. සියලු සත්හු සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත් වා. 

තේරුම 4. කෙලෙස් ඇති සත්වයෝ ද කෙලෙස් රහිත සත්වයෝ ද යන සියලු ප්‍රාණභූත සත්ව කෙනෙක් වෙත් ද දික් වූ හෝ මහත් වූ හෝ මධ්‍යම වූ හෝ කුඩා ශරීර ඇත්තා වූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වු සත්වයෝ වෙත් ද? 

තේරුම 5. තම ඇසට පෙනෙන්නා වූ හෝ නොපෙන්නා වූ සත්වයෝ වෙත් ද යම් සත්ව කෙනෙක් දුර හෝ වසත් ද , ළඟ හෝ වසත් ද, උපන්නා වූ යම් සත්ව කෙනෙක් වෙත් ද, හේ ඉපැදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත් ද? 

තේරුම 6. අනෙකෙක් අනෙකකු නො රවටන්නේය. කිසි තැනෙක්හි ඒ කිසිවකුට අවමන් නො කරන්නේ ය. කය වචන දෙකින් කරන රෝෂණයෙන් ද සිතින් කරන ක්‍රෝධයෙන් ද ඔවුනොවුන්ට දුක් නොකැමති වන්නේ ය. 

තේරුම 7. යම් සේ මවුතොමෝ ආයුෂයෙන් ස්වකීය පුත්‍රයා රකී ද, එසේම සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ මෛත්‍රි සිත වඩන්නේ ය. 

තේරුම 8. පමණ රහිත වූ, එසේම පීඩා රහිත වූ වෛර චේතනා රහිත වූ, සතුරන් රහිත වූ සිතෙහි වූ මෛත්‍රිය ද උඩ යට සරස යන සියලු සත්ව ලෝකයෙහි වඩන්නේ ය. 

තේරුම 9. සිටිමින් හෝ යමින් හෝ හිඳිමින් හෝ සයනය කරමින් හෝ යම්තාක්කල් නොනිදා ද ඒ තාක්කල් මෛත්‍රී ස්මෘතිය වඩන්නේ ය. 

තේරුම 10. මිත්‍යාදෘෂ්ටියට නො පැමිණ ශ්‍රොතාපන්න මාර්ග ඥාන දර්ශනයෙන් යුක්තවූයේ වස්තුකාමයෙහි ගිජුබව හෙවත් ක්ලේශ කාමය සකෘදාගාමි අනාගාමි මාර්ග දෙකින් ප්‍රහීණකොට ඒකාන්තයෙන් මවුකුස පිළිසිඳ ගැනීමට නැවත නො පැමිණෙන්නේ ය. *


කරණීය මෙත්ත සූත්‍රය
ආරක්‌ෂාවට පිරිතක්‌ භාවනා කර්මස්‌ථානයක්‌


බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර අතුරින් කරණීය මෙත්ත සූත්‍රයට හිමිවනුයේ සුවිශේෂී ස්‌ථානයකි. බොහෝ බෞද්ධයන් පමණක්‌ නොව අබෞද්ධයන් පවා මෙකී සූත්‍ර දේශනාව සඡ්ක්‌ධායනා කිරීම සුලබය. මෙම ලිපියේ අරමුණ කරණීය මෙත්ත සූත්‍රය පිළිබඳ සරළ සිංහලෙන් පහදා දීමයි. පූජ්‍ය දොළොස්‌වල උදිතධීර හිමියන්ගේ දේශනාවක්‌ ඇසුරින් සකස්‌ වුණු ධර්ම පත්‍රිකාවක්‌ ඇසුරින් මෙම ලිපිය සැකසේ.

බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළේ සියලු සත්වයන්ට මෛත්‍රී වැඩීමේ වටිනාකම පහදා දීමටයි. මෙම සූත්‍රය ආරක්‌ෂාවට කියන පිරිතක්‌ මෙන්ම භාවනා කර්මස්‌ථානයක්‌ වශයෙනුත් හැඳින්විය හැකියි. මේ ධර්ම දේශනාව වදාළේ සැවැත්නුවර උපකට්‌ඨා ගමේ විහාරස්‌ථානයකදී. එම විහාරස්‌ථානයට විශාල භික්‌ෂු පිරිසක්‌ තථාගතයන් වහන්සේ හමුවීමට පැමිණියා. උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් භාවනා කමටහන් ලබා විවිධ තැන්වල වස්‌ වසා භාවනා කිරීමට කැමැත්තෙන් සිටියේ. තථාගතයන් වහන්සේ ඒ භික්‌ෂු පිරිසේ සිටි රාග චරිත ඇති භික්‌ෂුන්ට අසුභ භාවනා කරන ආකාරය කියා දුන්නා. ද්වේෂ චරිත තිබෙන භික්‌ෂුන්ට මෛත්‍රී භාවනාව කරන ආකාරය ගැන උපදෙස්‌ දුන්නා. මෝහ චරිත ඇති අයට මරණසති කර්මස්‌ථානය ද, විතර්ක චරිත ඇති අයට ආනාපානසති භාවනාව පිළිබඳවත් ඉගැන්වූවා. ඒ අයටම කසින භාවනාවත් ඉගැන්වූවා. සද්ධා චරිත තියෙන අයට බුද්ධානුස්‌සති, ධම්මානුස්‌සති, සංඝානුස්‌සති භාවනා කියා දුන්නා. බුද්ධි චරිත තිබෙන පිරිසට ධාතුමනසිකාර භාවනාව ඉගැන්වූවා.

කමටහන් ඉගෙන ගත් පන්සියයක්‌ භික්‌ෂුන් වහන්සේලා භාවනා කිරීමට තැනක්‌ සොයමින් යන අතර හිමාල වන ප්‍රදේශයේ සිසිල් පරිසරය ඇති, ගස්‌ කොළන්වලින් ගැවසී ගත් රමණීය පර්වතයක්‌ දැක, ඒ පර්වතයේ රාත්‍රී කාලයේ නවාතැන් ගත්තා. පසුවදා උදේම අවදිවී ශරීර කෘත්‍ය සම්පාදනය කරගෙන අසල තිබෙන ගමකට පිණ්‌aඩපාතයේ වැඩියා. ඒ ගම්මානය විශාල ගමක්‌. ගෙවල් දහසක්‌ තිබෙනවා. ඒ ගමේ මිනිසුන් ශ්‍රද්ධාවන්තයි. ඒ ඇත්තෝ භික්‌ෂුන් දැක කල්පනා කළා පැවිදි උතුමන් දැකීම අති දුර්ලභ බව. එහෙම හිතද්දී ප්‍රීතිය, සතුට ඉපදුනා. ඒ භික්‌ෂුන්ට දන්, පැන් පූජා කර වන්දනා මාන කර ආරාධනා කළා තමන් කෙරේ අනුකම්පාවෙන් වස්‌ තුන් මාසය ඒ ගමේ වාසය කරන ලෙසට. එලෙස ආරාධනා කර භාවනා කුටි පන්සියයක්‌ හදා දුන්නා. සියලු පහසුකම් සලසා දුන්නා. 

භික්‌ෂුන් වහන්සේලා මහ වනයට පිවිස ගස්‌ මුල්වල වාඩිවී භාවනා කරන්න පටන් ගත්තා. සිල්වත් භික්‌ෂුන්ගේ තේජසින් තෙදවත් නැති වෘක්‌ෂ දේවතාවෝ තම තමන්ගේ විමානවලින් බැස එහෙ මෙහෙ හැසිරෙන්න වුණා. හරියට ඒක රජතුමා හරි රාජ මහ ඇමැතිවරු හරි ගමක වාසය කරන්න ආ විට ගම්වාසීන් ගෙවල්වල වාසය කරන්න නොහැකිව රාජකීය පිරිසට ගෙවල් දොරවල් දී කොහෙද යන්නෙ කියලා දුර බලනව වගේ. දෙවිවරු කල්පනා කළේ මේ භික්‌ෂුන් වහන්සේලා කවදා යන්නේ කියලයි. ඒ දෙවිවරු සියලු දෙනාටම හිතුණා මේ භික්‌ෂුන් වහන්සේලා වස්‌ වසන බව. වස්‌වැසූ පසු තුන් මාසයක්‌ යන තුරු එක විහාරයක ඉන්නවා. එතෙක්‌ අපි දරුවොත් තියාගෙන මෙහෙම ඉන්නේ කොහොමද? අපි බියජනක අරමුණු දැක්‌වූවා නම් හොඳ යෑයි සිතා, දෙවිවරු භික්‌ෂුන් රාත්‍රී කාලයේ භාවනා කරන විට බියජනක යක්‌ෂ රූප මවා භික්‌ෂුන් ඉදිරියේ පෙනී සිටියා. බියජනක ශබ්ද කළා. ඒ රූප දැක, ඒ ශබ්ද අසා භික්‌ෂුන්ගේ හදවත පෙරළුණා. කම්පා වුණා. දුර්වර්ණ ශරීර ඇති අය බවට පත්වුණා. ශරීර පඬු පැහැවුණා. ඒ නිසාම සිත එකඟ කරගන්න බැරිවුණා. උන්වහන්සේලා එකඟ නොවූ සිතින් භයට පත්වෙලා නැවත නැවත තැති ගත්තා. සිහිය පිහිටුවා ගන්න බැරිවුණා. ඉන් පසු ඒ දෙවිවරු, මුළා සිහි ඇති භික්‌ෂුන්ට දුර්ගන්ධ අරමුණු දැනෙන්න සැලැස්‌සුවා. ඒ දුර්ගන්ධ නිසා ඒ භික්‌ෂුන් වහන්සේලාගේ ඇට මිදුළු පවා පීඩාවට පත්වුණා. අධික වූ දැඩි වූ හිසේ වේදනාව හටගත්තා. ඒ පුවත කෙනෙක්‌ තව කෙනකුට පැවැසුවේ නැහැ.

එක දවසක්‌ මහ තෙරුන්ට උපස්‌ථාන කරන වේලාවේදී සියලු භික්‌ෂුන් රැස්‌ වුණා. ඒ වෙලාවේ මහ තෙරුන් වහන්සේ අනික්‌ භික්‌ෂුන්ගෙන් අහනවා 'ඇවැත්නි, ඔබ වහන්සේලා වනයට ආපු අලුත පිරිසිදු සමේ වර්ණ ඇතිව ලස්‌සනට හිටියා. ඒ දවස්‌වල ඉන්ද්‍රියන් හරිම ප්‍රසන්නයි. දැන් කෙට්‌ටු වෙලා. දුර්වර්ණ වෙලා. ශරීර පඬු පැහැයට පත් වෙලා. මේ වනය ඔබලාට ගැළපෙන්නේ නැද්ද?' එවිට එක භික්‌ෂුවක්‌ පැවැසුවා, 


මෙම ලිපිය පූජ්‍ය දොළොස්වල උදිතධීර හිමියන් විසින් සම්පාදිත දහම් පත්‍රිකාවක්‌ ඇසුරින් සැකසේ.