අපේ රටේ බොහෝ දෙනා “තේරුම දන්නා බණට” වඩා, “තේරුම නොදන්නා පිරිත” ට වැඩි කැමැත්තක් දක්වන බවද පෙනේ. පරිත්‍රාණ දේශනාවක ඇති ගීතවත් බව, මිහිර, ගයන රිද්මය හා රටාව, හා ඔදවත් තෙදවත් බව නිසා, පිරිත් දෙසුමකට සවන් දීම මනසට විශාල සහනයක් හා සන්තුෂ්ටියක් ගෙනදීම එයට හේතුභූත වන්නට ඇත.

ඛන්‍ධ පිරිත

ඛන්‍ධ පිරිත
Powered by දහම් විල


ඛන්‍ධ පිරිත සිංහලෙන්
Powered by දහම් විල



සබ්බාසිවිසජාතිනං දිබ්බමන්තාගදං විය
යං නාසෙසී විසං ඝොරං සෙසං චාපි පරිස්ස යං
ආණක්ඛෙත්තමහි සබ්බත්‍ථ සබ්බදා සබ්බපාණි නං
සබ්බසොපි විනාසෙති, පරිත්තං තං භණාමහෙ

1.
එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං 
විහරති ජේතවනෙ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ 
තෙන ඛො පන, සමයෙන සාවත්ථියං අඤ්ඤතරො 
භික්ඛු අහිනා දටෙඨා කාලකතො හොති. 

2.
අථ ඛො සමබහුලා භික්ඛු. යෙන භගවා 
තෙනූපසංකමිංසු, උප සංකමිත්වා. භගවන්තං 
අභිවාදෙත්වා, එකමන්තං නිසීදිංසු. එකමන්තං 
නිසින්නා ඛො තෙ භික්ඛු භගවන්තං එතදවොචූං. 

3.
ඉධ භන්තේ සාවත්ථි යං අඤ්ඤතරො භික්ඛු 
අහිනා දිට්ඨෙ කාලකතො. ති නහ නූන සො 
භික්ඛවෙ භික්ඛු චත්තාරි අහිරාජ කුලානි 
මෙත්තේන චිත්තේන එරී. සචෙ හි සො 
භික්ඛවෙ භික්ඛු චත්තාරී අභි රාජකුලානි 
මෙත්තේන චිත්තේන එරෙය්‍ය. න හි සො භික්ඛවෙ 
භික්ඛු අහිනා දට්ඨෙ කාලං කරෙය්‍ය 

4.
කතමානි, චත්තාරි අහිරාජකුලානි - විරුක්පක්ඛං 
අහිරාජකුලං - එරාපථං, අහිරාජකුලං ඡබ්බ්‍යාපුත්තං, 
අහිරාජකුලං- කණහාගොතමකං, අහිරාජකුලං 

5.
නහ නූන සො, භික්ඛවෙ භික්ඛු - ඉමානි චත්තාරි 
අහිරාජකුලානි මෙත්තේන චිත්තෙන එරි 
සචෙහි සො භික්ඛවෙ භික්ඛු - ඉමානි චත්තාරි 
අහිරාජනකුලානි- මෙත්තේන චිත්තෙන එරෙය්‍ය, 
නහිසො භික්ඛවෙ භික්ඛූ - අහිනා දට්ඨෙ කාලංකරෙය්‍ය 

6.
අනුජානාමි භික්ඛවෙ ඉමානි චත්තාරි 
අහිරාජකුලානි - මෙත්තේන චිත්තේන එරිතුං 
අත්තගුත්තියා, අත්තරකඛාය අත්තපරිත්තයාති 

7.
ඉදමමොච භගවා - ඉදං වත්වා සුගතො 
අථාපරං ඒතදවොච සත්‍ථා 

8.
විරූපකේඛහි මෙ මෙත්තං , මෙත්තං එරාපථෙහි මෙ 
ඡබ්බ්‍යාපුත්තේහි මෙ මෙත්තං, මෙත්තං කණහාගොතම කෙහිච. 

9.
අපාදකෙ හි මෙ මෙත්තං, මෙත්තං දිපාදකෙහි මෙ 
චතුප්පදෙහි මෙ මෙත්ත මෙත්තං බහුප්පදෙහි මෙ 

10.
මා මං අපාදකො හිංසි, මා මං හිංසි දිපාදකො 
මාමං චතුප්පදො හිංසි මා මං හිංසි බහුප්පදො 

11.
සබ්බෙ සත්තා, සබ්බේ පාණා සබ්බේ භූතා ච කේවලා 
සබ්බේ භද්‍රානි පස්සන්තු මා කඤචි පාපමාගමා 

12.
අප්පමාණො බුද්ධෝ - අප්පමාණො ධම්මො - අප්පමාණො 
සංඝෝ පමාණවන්තාති සිරිංසපානි, අහි විචඡිකා සතපදි 
උණ්ණානාභි- සරබූ මූසිකා , කතා මෙ රක්ඛා, කතා මෙ 
පරිත්තා - පටික්කමන්තු භූතානි, සො හං නමො භගවතො, 
නමො සත්තාන්නං සම්මා සම්බුද්ධානන්ති

ඛන්‍ධ පරිත්ත සූත්‍ර භාව සන්නය

මා විසින් මේ සූත්‍රය මෙසේ අසන ලදී. හේ කෙසේද, එක් කාලයෙක් හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් ලද අනේපිඬු මහසිටුන් ආරම්භි වැඩ වාසයක කරන සේක. එසමයෙහි දී සැවැත් නුවර එක්තරා භික්ෂූ කෙනෙක් සර්පයෙකු විසින් දෂ්ට කරන ලද්දේ කලුරිය කළේ වේ.
එකල්හි බොහෝ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කරා එළඹ බුදුන් වැද එකත් පසෙක වැඩ උන්නාහුව එකත් පසෙකම උන්නා වූ ඒ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මෙසේ සැළ කළාහුය. ඒ කෙසේද? ස්වාමින් වහන්ස, මේ සැවැත්නුවර එක් භික්ෂූන් වහන්සේ නමක් සර්පයෙකු විසින් දෂ්ඨ කරන ලදුව කලුරිය කළේය කියායි.
මහණෙනි, ඒ කලුරිය කළ මහණ තෙම මේ සිව් සර්ප කුලයත් මෙත් සිතත් නො පැතිර විය. මහණෙනි ඉදින් ඒ මහණතෙම සතර නාරදි කුලයත් මෙත් සිතින් පහළ වී නම් මහණෙනි ඒ මහණතෙම නාරදහු විසින් දෂ්ට කරන ලද්දේ කලුරිය නො කරන්නේ ය. ඒ සිව්සස් රාජ කුලයෝ කවරහුද? යත් විරූපාක්ෂ නම් සර්පරාජ කුලය ඒරාවත නම් සර්පරාජ කුලය ඡභ්‍යා පුත්ත නම් සර්පරාජ කුලය කණ්හා ගෝතවක නම් සර්පරාජ කුලය යන මොහු ය.
මහණෙනි, ඒ මහණ තෙම ඒකාන්තයෙන් මේ සප්රජ කුලයත් මෙත් සිතින් නො පැතිර විය. මහණෙනි ඉදින්ඒ මහණතෙම මේ සිව් සර්ප රාජ කුලයන් මෙත්සිත් පැතිර වූයේය.
මහණෙනි ඒ මහණතෙම නාරද වියන් ඔතන ලද්දේ කලුරිය නො කරන්නේ ය. මහණෙනි තමහට ආවරණය පිණිසද තමනට ආරක්ෂා පිණිසද තමන්හට මෙත් පිරිත් පිණිසද මේ සජ් සර්ප රාජ කුලයත් මෙත් සිතින් මතුරුවන්නට අනුදමිනි හෙවත් නියම කරමි. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය වදාළ සේක.
සුගත නම් ලද ශාස්තෘන් වහන්සේ මෙය වදාරා නැවත මතු මත්තෙහි ‘විරූපක්ඛෙහි මේ මෙත්තං’ යනාදී මේ පරිත්‍රාණ ධර්මය දේශනා කර වදාළ සේක.
විරූපාක්ෂ නම් නාගකුලයන් හා මාගේ මෛත්‍රිය වේවා,
එරාපත නම් නාග කුලයන් හා මාගේ මෛත්‍රිය වේවා,
ඡබ්‍යා පුත්ත නම් නාග කුලයට මාගේ මෛත්‍රිය වේවා.
කන්හාක ගෝතමක නම් නාග කුලයන් හා මාගේ මෛත්‍රිය වේවා
මෙසේ මේ සිව් නාග කුලයන් දක්වා සාමාන්‍යයෙන් මෛත්‍රි භාවනාව දක්වන්නහුට පා රහිත සත්ත්වයන් සමග මාගේ මෛත්‍රිය වේවා, දෙපා සහිත සත්ත්වයන් සමග මාගේ මෛත්‍රිය වේවා, සිව් පා සතුන් හා සමග මාගේ මෛත්‍රිය වේවා, බොහෝ පා ඇති සත්ත්වයන් සමග මාගේ මෛත්‍රිය වේවා.
මෙසේ මෛත්‍රි භාවනාවෙහි ස්වරූපය දක්වා දැන් භාවනා වශයෙන් රක්ෂා විධිය දක්වන්නාහු, පා නැත්තා වූ සත්වයෙක් මා නොපොළවා- දෙපා සහිත වූ සත්ත්වයෙක් මා නොපොළාවා, සතරපාද ඇත්තා වූ සත්වයෙක් හෝ බොහෝ පා ඇත්තාවූද සත්වයෝ මා නො පොළාවා සියලු සත්වහුද, සියලු ප්‍රානීහුද සියලු භූතයෝ ද යන මේ සියල්ලෝ යහපත් කාරණයන් දකිත්වා, ඒ කිසි පුද්ගලයෙකුට දුකක් කරදරයක් නො පැමිණේවා, බුදු ගුණය ක්ලෙසාදිය නැති බැවින් පමණ නැත්තේ ය. දහම් ගුණය පමණ නැත්තේ ය.
සංඝ ගුණය පමණ නැත්තේ ය. දීඝ ජාති හුය සර්පයෝ ය. ගෝනුස්සෝ ය, පත්තෑයෝ ය, මකුළුවෝ ය, සිකනන්ලු ය, මීයෝ ය යන මොහු පමණ ඇත්තාහුය. මා විසින් ආරක්ෂා කරන ලද්දෝ ය. අභිත අදහස් ඇති සත්වයෝ පහ වෙත්වා ඒ මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි. පෙර කාලයෙහි වූ විපස්සී ආදී සත් බුදුවරයන් වහන්සේලාට මම නමස්කාර කරමි.

සර්ප අනතුරු වළකාලන බන්ධ පිරිත

අද බහුල වශයෙන් මිනිසුන් සර්ප අනතුරු වලට ලක්වන බවක් දක්නට ලැබේ. බොහෝ පිරිස් සර්පයින් මැරීමට උත්සාවත් වෙනවා මිස සර්පයන්ගෙන් වන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය මඟ පිළිබඳ අවධානය යොමු නොකරති. බුදු රජාණන් වහන්සේ ධම්ම පදයේ දණ්ඩ වග්ගයෙන් දේශනා කර ඇත්තේ
සබ්බෙ තසන්ති දණ්ඩස්ස
සබ්බෙ භායන්ති මච්චුනො
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයෙ යනුවෙනි.
එනම් තමා උපමා කොට අන් සතුනට තැලීම්-පෙළීම් ගැසීම් නොකොට වැළකිය යුතු බවයි. එසේ වුවද අද සමහර දෙනාගේ මතය වී ඇත්තේ සර්පයින් විනාශ කිරීමටම ඉන්නා සත්ත්ව කොට්ඨාසයක් බවයි. බුදු දහමේ සියලු සත්ත්වයෝම කී කළ එම සතුන් ද ජීවත් වීමට ඇතුළත් වන සත්ත්ව කොට්ඨාසයකි. ඔවුන්ට ද අන් සතුනට මෙන්ම කරුණාව මෛත්‍රිය ලැබිය යුතුව ඇත. අද සමහර දෙනා සර්පයින් මරන්නේ “විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා” යන පාඨය ද තම වාසියට හරවාගෙන විෂඝෝර සර්පයින් දැක දැක යන්ඩ හැරීම මෝඩයකුගේ ලක්ෂණයක් සේ සිතාය.
නමුදු එම පාඨය මුළුමනින්ම තේරුම් ගන්නේ නම් ජීවිතය හා ලෝකය පිළිබඳවත් යථාර්ථවාදීව දැකීමට උත්සුක වනවාට කිසිදු සැකයක් නැත.
දෙරණ මත තුඹසයා
තුඹස තුළ නාගයා
විෂ ඝෝර සර්පයා
දැක නහරු මෝඩයා
දරණ හෙවත් පොළව තුඹසකි. තුඹස යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන කොටස් වලින් යුත් මේ පංචස්කන්ධයයි. ඒ තුඹස තුළ නාගයකු සිටී. නාගයා තෘෂ්ණාවයි. විෂඝෝර සර්පයෙකු බදු තෘෂ්ණාව අත් නොහරින්නා මෝඩයෙකි.
මේ ආදී වශයෙන් සර්පයින් මැරීමට අවශ්‍ය උපදෙස් ද මිනිසා විසින්ම නිර්මාණය කොටගෙන එය සිදු කරනු ඇත. වෛද්‍ය ප්‍රතිකාර කිරීමට රෝහලකට යෑමේදී වුවද නිශ්චිතවම බෙහෙත් කිරීමට නම් අදාළ සතා ගෙන යෑමට ද අවශ්‍යය. ඒ අනුව ද සර්පයින් මැරීම අනිවාර්ය කොටගෙන ඇත. පැරණි කාලයේ සිංහල වෛද්‍ය ක්‍රමය නිසිලෙස නිවැරැදිව කළ බැවින් ඕනෑම සර්පයෙකු දෂ්ඨ කළ විට ප්‍රතිකාරද සියුම්ව සිදු කරන ලදී. නමුදු අද බොහෝ විට සිදුවන්නේ ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමය බැවින් හරියටම සතා හඳුනා නොගත්තොත් බේත් කිරීමේදී එය බලපානු ඇත. මේ ආදී කරුණු පවතින බැවින් අප අපේ ආරක්ෂාව මනස තුළින් නිකුත් වන පිරිසුදු හා උතුම් චිත්ත ධාරාවන් ඔස්සේ සකසා ගැනීමට උත්සාහ කළ යුතුය. ඒ සඳහා බුදු දහම ඕනෑම කෙනෙකුට ඉවහල් කර ගත හැකිය.
බුදුන් දවස දස දහස් ගණනින් භික්ෂූන් වහන්සේලා බණ භාවනා කිරීම සඳහා කැලයට වැඩියහ. නමුදු ඔවුනට සතා සිව්පාවුන්ගෙන් කිසිම මොහොතක අනතුරක් කරදරයක් ද සිදු නොවූහ. එයට හේතුව බුදු හිමි සර්පයින් සඳහාම දේශනා කළ බන්ධ පිරිත සජ්ජායනා කිරීමය. මෙම පිරිතෙහි ශබ්ද ශක්තිය හා අර්ථ ශක්තිය තුළින් සර්පයින්ට එහි ඉඳීමට බැරි තත්ත්වයක් උදාවනු ඇති අතරම ලංවීමේ ශක්තිය ද දුර්වල වී යනු ඇත. ශබ්ද ශක්තිය මහා බලගතු එකක් බැවින් වායුගෝලයත් සමඟ වචන වලින් පිටවන ශක්තිය සර්පයින්ගේ ශරීර වලට වැදී Vibrate(තිගැස්සීම) වැනි ස්වභාවයකට පත් කිරීමත් කළ හැකිය. එබැවින් සර්පයින් මරනවා වෙනුවට එම සූත්‍රයේ ඇති ශක්තිය බලය හඳුනාගැනීමත් එම සූත්‍ර ධර්ම ප්‍රයෝජනයට ගෙන සර්පයින්ගෙන් ආරක්ෂා වීමටත් සිතට ගත යුතුය.
ස.නි. බන්ධ වග්ග සංයුත්තයට අයත් වන බන්ධ පිරිත බුදු රදුන් දේශනා කළේ සැවැත් නුවර එක්තරා භික්ෂුවකට සර්පයෙක් දෂ්ට කර කලුරිය කිරීමත් සමඟය. අනෙක් භික්ෂූන් බුදු හිමිට මේ කාරණය දැන් වූවාට පසු බුදු හිමි ඔවුනට මතක් කරන ලද්දේ එම කලුරිය කළ භික්ෂුව සිවු නා රද කුලයන් වෙත මෙත් සිත නොපැතිර වීම ඔහුට සර්පයකු දෂ්ට කිරීමට හේතු වූ බවයි. එසේ කළේ නම් ඔහු එවැනි විපතකට හසු නොවන බව දේශනා කළහ. භික්ෂූන් වහන්සේලාගේ දැන ගැනීම පිණිස බුදු හිමි එම නා රද කුල ඉදිරිපත් කළහ.
1.විරූපාක්ෂ නම් නා රද කුලය
2.ඒරාපථ නම් නා රද කුලය
3.ජඛ්‍යාපුත්ත නම් නා රද කුලය
4. කණ්හා ගෝතමක නම් නා රද කුලය
ආදී වශයෙන් සියලු නා රද කුලයන් කෙරෙහි මෛත්‍රි සිත පැතිර වීම එහි මූලික පරමාර්ථයයි. සියලුම සතුන් හා අමනුෂ්‍ය කොටස් ද එහිදී හසුවන ආකාරය පැහැදිලි වේ. ඒ අනුව මෛත්‍රිය පැතිර වීම පිළිබඳ සිතීමේ දී
අපාදකේහි මේ මෙත්තං-මෙත්තං දිපාදකේහි මේ
චතුප්පදෙහි මේ මෙත්තං - මෙත්තං බහුපදෙහි මේ
(මාගේ මෛත්‍රිය පා නැති, දෙපා, සිවුපා, බොහෝ පා ඇති යන සියලු සතුන් සමඟ වේවා)
මා මං අපාදකෝ හිංසි - මා මං හිංසි දිපාදකෝ
මා මං චතුප්පදො හිංසි - මාමං හිංසි බහුප්පදෝ
(පා නැති සතෙක්, දෙපා සතෙක් සිවුපා සතෙක්, බොහෝ පා ඇති සතෙක් මට හිංසා නොකෙරේවා)
සබ්බේ සත්තා සබ්බේ පාණා - සබ්බේ භූතා ච කේවලා
සබ්බේ භද්‍රානි පස්සන්තු – මා කඤ්චි පාපමාගමා
(හැම සත්හු ද, හැම ප්‍රාණීහු ද, හැම භූතයෝ ද යන සියල්ලෝම යහපත දකිත්වා, කිසිම සතෙක් වෙත දුකක් නොපැමිණෙත්වා)
සතාපදි යනුවෙන් සඳහන් වන්නේ පත්තෑයා, කන්වෑයා ආදි සියක් පා ඇති සතුන්ය. උණ්ණානාභි යනු මකුළුවා ද, සරබු යනු හූනාද, මූසිකා යනු මීයා ද, ආදි වශයෙන් සතුන් වර්ගකොට බෙදාගෙන මෛත්‍රිය පැතිර වීම සිදු විය යුතුය. සිරිංසපා යන්න බඩගාන සතා යනුවෙන් අර්ථ ගන්වා ඇත. අභිජ්ජිකා යන්නෙන් සර්පයන් පිළිබඳ ශාස්ත්‍රය නොහොත් විෂ වෙදකම යන්න කිය වේ.
බන්ධ සූත්‍රයේ සඳහන් කරන ආකාරයට අන්තිමට සියල්ල කැටිකොට තුණුරුවන්ගේ ගුණ අනන්ත බවත් එම උතුම් ගුණ බෙලෙන් සියලු සර්පයින්ගෙන් අනතුරක් නොවේවා, භූතයෝ ඉවත්ව යෙත්වා. මම බුදුන් වහන්සේට වඳිමි. සත් බුදුවරයන් වහන්සේලාට වඳිමි. මේ ආදී වශයෙන් කරුණු කාරණා විග්‍රහ කර තිබීම ඉතා වැදගත් වේ.
එම කරුණු හිතට ගෙන ගිහි පැවිදි අප කවුරුත් සර්පයින්ගෙන් වන අනතුරු වළක්වා ගැනීමට නිරන්තරයෙන් මෙම සූත්‍රය භාවිතා කළ යුතුය. එතුළින් අපගේ ජීවිතත් එම අහිංසක සතුන්ගේ ජීවිතත් ආරක්ෂා වනු ඇත. මෛත්‍රි පූර්වකව අවංකව එම සිතුවිලි ධාරාව පතුරන්නේ නම් සාන්දෘශ්ටිකවම එහි විපාකද ලැබිය හැකිය. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා යන මෙත් වැඩීම තුළින් තම ජීවිතයට ලොකු පිටිවහලක් වන බව සියලු දෙනාම සිතට ගත යුතුය.
මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී
කොබෙයිගනේ පුබ්බිලිය
ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය
ගලගෙදර රතන වංශ හිමි