අපේ රටේ බොහෝ දෙනා “තේරුම දන්නා බණට” වඩා, “තේරුම නොදන්නා පිරිත” ට වැඩි කැමැත්තක් දක්වන බවද පෙනේ. පරිත්‍රාණ දේශනාවක ඇති ගීතවත් බව, මිහිර, ගයන රිද්මය හා රටාව, හා ඔදවත් තෙදවත් බව නිසා, පිරිත් දෙසුමකට සවන් දීම මනසට විශාල සහනයක් හා සන්තුෂ්ටියක් ගෙනදීම එයට හේතුභූත වන්නට ඇත.

මෝර පිරිත



මෝර පිරිත


Powered by දහම් විල


1. උදේතයං චක්ඛුමා ඒකරාජා

හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ‍
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු දිවසං

2. යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
ඉවං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා

3. අපේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං

4. යේ බ්‍රහ්මණා වේදගු සබ්බධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තු
නමස්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා


ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ වාසමකප්පයිති.

ජාතක පාලියෙහි දුක නිපාතයෙහි එන 13 මෝර පරිත්තය සංයුත්ත නිකායෙහි දේව පුත්ත සංයුත්තයෙන් 14 – 15 ජන්ද සූරිය පරිත්ත දෙක ද සක්ක සංයුත්තයේ එන 16 ධජග්ග පරිත්තය ද පරිත්ත 4 පළමුවන බණවර අවසනට යොදා තිබේ.

1. ලොව අඳුර දුරු කොට ලෝ වැස්සට ඇස් පාදා දුන් හෙයින් ඇස් ඇති ලොවට එළිය දෙන්නවුන් අතරෙහි එකම රජෙක් වූ රන් වන් සිරුර ඇති මහපොළොව බබුළුවන්නා වූ මේ සූර්යයා නැගේ. රන්වන් ඒ හිරුට වදිමි. ඔබගෙන් ආරක්ෂාව ලැබූ අප මේ දවස සතර ඉරියව්වෙන් යුක්තව සැපසේ වෙසෙමු.
සවාසනා සකල ක්ලේශයන් දුරුකළ යම් බුදු කෙනෙක් සියලු දත යුතු ධර්මයන් දැන බුද්ධත්වය අවබෝධ කලාහු ද, උන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලා ද මා ආරක්ෂා කරන සේක්වා. අතීත බුදුවරයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලාගේ නව ලොව්තුරා බෝධි ගුණයටද මාගේ නමස්කාරය වේවා.
ඒ මයුර තෙම මෙම පිරිත කියා ගොදුරු සෙවිමෙහි හැසිරෙහි. දෙවන මෝර පිරිතෙහි පෙර සේ ම මේ සූර්ය තෙම අප අතරෙන් ඉවත් වේ. ඔබගෙන් ආරක්ෂාව ලත් අපි (මුළු රැයෙහිම) සුවසේ වෙසෙමු. (සෙස්ස මුල් ගාථා දෙක මෙනි)