රතන සූත්‍ර පිරිත
1.
යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
සබ්බේ ව භූතා සුමනා භවන්තු
අථොපි සක්කච්ච සුනන්තු භාසිතං
තස්මාහි භූතා නිසාමේථ සබ්බේ මෙත්තං කරොථ මානුසියා පජාය
දිවා ච රත්තෝච හරන්ති යෙ බලිං
තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා
යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා සග්ගෙසු වා යං රතනං පණීතං
න නො සමං අත්ථි තථාගතෙන
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
ඛයං විරාගං අමතං පණීතං යදජ්ක්‍ධගා සක්‍ය මුනී සමාහිතො
න තෙන ධම්මේන සමත්ථි කිඤ්චි
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
යං ඛුද්ධ සෙට්ඨො පරිවණ්ණයී සුචිං සමාධිමානන්තරිකඤ්ඤ මාහු
සමාධිනාතෙන සමොන විජ්ජති
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හොතු
යෙ පුද්ගලා අට්ඨ සතම්පසත්ථා චත්තාරි එතානි යුගානි හොන්ති
තෙ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා
එතෙසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
යෙ සුප්ප යුත්තා මනසා දළ්හේන නික්කාමිනො ගොතම සාසනම්හි
තෙ පත්තිපත්තා අමතං විගය්හ
ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හොතු
යථින්ද ඛීලො පඨවිංසිතො සියා චතුබ්භිවාතෙහි අසම්පකම්පියො
තථූපමං සප්පුරිසං වදාමි
යො අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
යෙ අරිය සච්චානි විභාවයන්ති ගම්භීර පඤ්ඤෙන සුදෙසිතානි
කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා
න තෙ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
සහාවස්ස දස්සන සම්පදාය තයස්සුධම්මා ජහිතා භවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච
සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි
චතූහපායෙහිච විප්පමුත්තො
චඡාභිඨානානි අභබ්බොකාතුං
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
කිඤ්ඤාපි සො කම්මං කරෝති පාපකං කායෙන වාචා උද චෙතසා වා
අභබ්බො සො තස්ස පටිච්ඡාදාය
අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
වනප්පගුම්බෙ යථා ඵුස්සි තග්ගෙ ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්මවරං අදෙසයි
නිබ්බාණගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
ඒතෙන සච්චේන සුවත්ථි හොතු
වරො වරඤ්ඤු වරදො වරාහරො අනුත්තරො ධම්මවරං අදෙසයි
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං විරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං
තෙ ඛීණා බීජා අවිරූළ්හිච්ඡන්දා
නිබ්බන්ති ධීරා යථා යං පදීපෝ
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු
යානීධ භූතානි සමාගතානී භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දෙව මනුස්ස පූජිතං
බුද්ධං නමස්සාම සුවත්ථි හොතු
යානීධ භූතානි සමාගතානී භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දෙව මනුස්ස පූජිතං
ධම්මං නමස්සාම සුවත්ථි හොතු
යානීධ භූතානි සමාගතානී භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
ථාගතං දෙව මනුස්ස පූජිතං
සඞඝං නමස්සාම සුවත්ථි හොතු
18.
ඒතේන සජ්ජවජේන
රෝගා රෝග සමින්තුතේ
ඒතේන සජ්ජවජේන භයා රෝග සමින්තුතේ
ඒතේන සජ්ජවජේන රෝගා රෝග සමින්තුතේ
සභිතියෝ විවජන්තූ
සබ්බරෝගෝ විනස්සතූ
මාතේභවත් අන්තරායෝ
සුඛීදීඝායුකෝ භව
භවතු සබ්බ මංගලම්
රංකන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන
සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලම්
රංකන්තු සබ්බ දේවතා
සබ්බ ධම්මානුභාවේන
සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලම්
රංකන්තු සබ්බ දේවතා
සබ්බ සංඝානුභාවේන
සදාසොත්ථි භවන්තුතේ
නංඛත්තයක්ත භූතානං
පාපග්‍රහ නිවාරනා
පරිත්ත්‍රසානු භාවේන
හොන්තුතේ සං උපද්දවේ ///
15,16,17 ශක්‍රදේවේන්ද්‍රයා විසින් කියන ලද ගාථා තුනකි. විශාලා මහනුවර තුන් බිය දුරු කිරීම පිණිස රතන සූත්‍රය දෙසන ලදී. උදේ සවස උවදුරු දුරු කර ගැනීම සඳහා භාවිතා කළයුතු උතුම් සෙත් පිරිතකි. රතන සූත්‍රෙය් ඒ ඒ කොටස් ගෙන මැතිරීමෙන්, ජප කිරීමෙන් සතුරැ කරදර, රෝග පීඩා, අණ වින, වසංගත රෝග, යක්ෂ ප්‍රේත භය දුරැ වේ. සතුන්ගෙන් හා කෘමින්ගෙන් වගාවන්ට සිදුවන හානි වැළකේ. ගව සම්පත දියුණු වේ. මුද්‍රණයට හා බාගතකරගැනීමට PDF
තේරුම
1. භූමියෙහි උපන්නා වූ හෝ අහසෙහි උපන්නා වූ හෝ යම් මනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූවාහු වෙත් ද, ඒ සියලු භූතයෝ සතුටු සිත් ඇත්තාහු වෙත් වා. තව ද මාගේ වචනය මනාකොට අසත්වා.
තේරුම
2. අමනුෂ්‍යයිනි, (යම් කරුණක් සඳහා තෙපි රැස්ව සිටින්නාහුද? එහෙයින් සියල්ලෝම මාගේ ධර්මය අසවු. මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි මෛත්‍රිය කරවු. යම් මනුෂ්‍ය කෙනෙක් රෑ දාවල්හි තොපට පූජා ගෙනෙත් ද? එහෙයින් ඔවුන් රකිවු.
තේරුම
3. මනුෂ්‍ය ලෝකයෙහි හෝ අවශේෂ ලෝකයෙහි හෝ යම් ධනයක් වේ ද, දෙව ලෝකයන්හි හෝ යම් රත්නයක් වේ ද? ඒ කිසි තැනෙක තථාගතයන් හා සමාන වූ ධනයක් හෝ රත්නයක් හෝ නැත්ම ය. බුදුරදුන් කෙරෙහි මෙය ද ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත්වේවා.
තේරුම
4. ආය¸මාර්ග සමාධියෙන් සුපිහිටි සිත් ඇති ශාක්‍ය කුලයෙහි උපන් මුනි තෙම රාගාදීන් ක්‍ෂයවන්නා වූ රාගාදියෙන් වෙන් වූ ප්‍රණීත යම් නිවනක් නුවණින් අවබෝධ කළේ ද, ඒ නිර්වාණ ධර්මය හා සමාන වූ කිසි රත්නයෙක් නැත. මෙය ද ධර්මයෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. ඒ සත්‍ය බලයෙන් සෙත් වේවා.
තේරුම
5. බුද්ධ ශ්‍රේෂ්ඨ තෙමේ ඉතා පිරිසිදු යමක් ප්‍රශංසා කොට ප්‍රකාශ කෙළේ ද? එය ආනන්තරික සමාධියයි කියති. ඒ සමාන වූ අන්කිසි සමාධියක් නැත. මෙය ද ධර්මයෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.
තේරුම
6. බුද්ධාදී සත් පුරුෂයන් විසින් පසස්නා ලද යම් අෂ්ටාර්ය්‍ය පුද්ගල කෙනෙක් වෙත්ද, පසස්නා ලද යම් එක් සිය අටක් ආර්ය්‍ය පුද්ගල කෙනෙක් වෙත් ද ඔවුහු යුග සතරක් වෙති. බුදුන් ගේ ශ්‍රාවක වූ ඒ ආය¸ පුද්ගලයෝ දක්ෂිණාවට සුදුසු වෙති. ඔවුන් කෙරෙහි දුන් දානයෝ මහත්ඵල ඇත්තාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්නභාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
තේරුම
7. යම් රහත් කෙනෙක් ගෞතම ශාසනයෙහි මනා කොට යෙදුනාහු ස්ථිර සිතින් සියලු කෙලෙසුන් ගෙන් නික්මුණාහු ද, ඔවුහු නිවනට අරමුණු වශයෙන් බැස ඵල සමවත් සුවය නොමිලයේ ලැබ අනුභව කරන්නාහු පැමිණිය යුතු රහත් ඵලයට පැමිණියාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
තේරුම
8. ඉන්ද්‍රඛීල නම් වූ කණුව යම්සේ පොළොව ඇතුළට පිවිස සිටියේ සිවු දිගින් හමන සුලඟින් සොලවාලිය නොහැකි වන්නේ ද? යමෙක් ආය¸ සත්‍යයෙන් නුවණින් බැස දකී නම් ඒ සත් පුරුෂයා එබඳු ඉන්ද්‍රඛීලය හා සමාන කොට කියමි. මෙය සංඝයා කෙරෙහි ප්‍රණීත රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.
තේරුම
9. යමෙක් ගැඹුරු නුවණ ඇති සර්වඥයන් වහන්සේ විසින් මැනවින් දේශිත ආය¸ සත්‍යයන් තමනට ප්‍රකට කෙරෙත්ද? ඔවුහු කිසිසේත් බොහෝ සේ පමාවූවෝ වෙත්ද,ඔවුහු අටවන භවයක් නම් නො ගනිති. මෙය ද සඞඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
තේරුම
10. දර්ශන සමාපත්තිය සමග ම සක්කාය දිට්ඨිය ද, විචිකිච්ඡාවද යම්කිසි සීලබ්බත පරාමාසයෙක් ඇත්නම් එය ද යන සංයෝජන ධර්ම තුන ඔහු විසින් හරන ලද්දාහු වෙති. හේ සතර අපායෙන් මිදුනේ ද වේ. පඤ්චානන්තරිය කර්ම හා අන්‍ය ශාස්තාවරයකු ඇදහීම ද කරන්නට සුදුසු නො වේ.මෙය සංඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.
තේරුම
11. ඒ සෝවාන් පුද්ගල තෙමේ තිදොරින් යම් පවක් කෙරේද? හෙතෙම එය සඟවාලීමට නො හැකි වෙයි. නිවන් දුටුවහු ගේ පව් සැඟවීමේ නො හැකි බව සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.
තේරුම
12. ගී‍්‍රෂ්ම ඍතුවෙ පළමු වන බක් මසෙහි රුක් ලැහැබ් යම්සේ පිපුණු අග ඇත්තේ වේ ද? බුදුරජ තෙම එබඳු උපමා ඇති නිවනට පමුණුවන උතුම් ධර්මයක් පරම හිත පිණිස දෙසී ය.මෙය බුදුරදුන් කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයකි. මෙම සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.
තේරුම
13. උතුම් වූ නිවන දන්නා වූ නිවන දෙන්නා වූ ශ්‍රේෂ්ඨ වු බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මයක් දෙසූ සේක. මෙය ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.
තේරුම
14. යම් කෙනෙකුගේ පුරාණ කර්ම ගෙවී ගියේ ද, පහළ වන අළුත් කර්මයකුත් නැත් ද, මතු භවයෙහි නො ඇලුණූ සිත් ඇති ක්‍ෂය කළ ප්‍රතිසන්ධී විඥාන බීජ ඇති වැඩෙන ඡන්දයක් නැති ඒ ධෘතිමත් රහත්හු මේ නිවුණු පහන් මෙන් පිරිනිවෙති. මෙය ද සංඝයා කෙරෙහි උතුම් රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.
තේරුම
15. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ අමනුෂ්‍ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත්ද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදනලද බුදුරදුන් වඳිමු. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.
තේරුම
16. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත් ද? ඒ අපි දෙව්මිනිසුන් විසින් පුදන ලද තථාගත දේශිත ධර්මය වඳිමු.
තේරුම
17. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් ;ම තැන්හි රැස්ව සිටිත් ද, ඒ අපි දෙවි මිනිසුන් විසින් පුදන ලද ශ්‍රාවක සඞඝයා වහන්සේ වඳිමු.
රතන සූත්‍රයෙන් කළහැකි හාස්කම් :-
1. කොටිසතසහස්සේසු - චක්කවාලේසු දේවතා
යස්සානං පතිගන්හණ්ති - යඤ්ච වේසාලියං පුරේ
රෝගාමනුස්ස දුබ්භික්ඛ - සම්භූතං ත්‍රිවිධං භයං
ඛිප්පමන්තරධාපෙසි - පරිත්තං තං භණාමහෙ
යානීධ භූතානි සමාගතානි - භුම්මානිවා යානිව අන්තලික්ඛෙ
සබ්බේව භූතා සුමනා භවන්තු - අථොපි සක්කච්ච සුනන්තුභාසිතං
තස්මාහි භූතානි සාමේථ සබ්බේ - මෙත්තං කරොථ මානුසියා පජාය
දිවාච රත්තෝච හරන්තියෙ බලිං - තස්මාහි නෙ රක්ඛථ අප්ප මත්තා
මෙම ගාථා දෙකින් පිරිත් කරන ලද ඉස්සෝදා නා පිරිසිදු වස්ත්‍ර හැඳ චෛත්‍යස්ථානයකට පැමිණ තිසරණ සහිත පන්සිල් පිහිටුවා එක් අරමුණකින් යුක්තව මල් පහන් සුවඳ දුම් සහිතව ගිතෙල් පහනක් බුදුන්ට පුදා තමාගේ අභිමතය ඉෂ්ඨ වේවා යි අධිෂ්ඨාන කොට දෙවියන්ට පින් පෙත් අනුමෝදන් කර මෙම ගාථා 108 වරක් සඣ්ඣායනා කරනු.කැමැත්ත සිහිනෙන් පෙනෙයි.තවද යක්දෝස වලට පිරිත් කර නූල් බඳිනු.බිළිඳුන්ගේ බාලගිරි දෝසයට කිරිතෙල් මතුරා දෙනු.
2. යං කිඤ්චි විත්තං ඉධවා හුරංවා - සග්ගේසුවායං රතනං පණීතං
නනො සමං අත්ථි තථාගතේන - ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
මෙම ගාථාවද මුලින් කී පරිදි විහාරස්ථානයකට ගොස් කටයුත්හු කොට,තමන්ගේ අභිමතය අධිෂ්ඨාන කරමින්,ගඟකින්න් හෝ මුහුදු වෙරළකින් ලබා ගත් වැලි 108 වරක් මතුරා ඉසිනු.අමනුෂ්‍ය උවදුරු දුරුවේ.භය දුරුවේ.ඊතන ගසක් කඩා 108 වරක් පිරිත් කර හිසෙහි පැළඳ ගිය විට භය දුරුවේ.බාල දරුවන් හඬන කල පිරිසිදු අලුවලට මතුරා තිලක තියනු.ඇඬීම නවතී.
3. ඛයං විරාගං අමතං පණීතං - යදජ්ඣගා සක්‍යමුනී සමාහිතො
න තෙන ධම්මේන සමත්ථි කිඤ්චි - ඉදම්පි ධම්මේ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හෝතු
මෙම ගාථාවද පෙර පරිදිම පිළිවෙත් කොට සීලාදී ගුණ පිහිටවා 108 වරක් සඣ්ඣායනා කොට හඳුන් වලට මතුරා ඉනෙහි තබා යනු.අමනුෂ්‍ය උවදුරු ඇති නොවේ.සර්ප විෂට මතුරා ගානු.විෂ බසී.108 වරක් කීමෙන් හිසරුජා දුරුවේ.
4. යං බුද්ධ සෙට්ඨො පරිවණ්ණයි සුචිං - සමාධිමානන් තරිකඤ්ඤමාහූ
සාමාධිනාතේන සමොන විජ්ජති - ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතූ
පෙර කී පිළිවෙත් කොට 108 වරක් මතුරා සමන් මල් දාගැබක් සමීපයේ පුදනු.රෝග උපද්‍රව දුරුවේ.සමන් මල් මතුරා හරක් ගාලේ දමනු.ගවයෝ බෝවෙත්.එසේම 108 වරක් සපුමලට මතුරා රෙදිපිළි තිබෙන තැනද,වී කොටුවලද තබනු,එහි උපද්‍රව දුරුවේ.
5. යෙ පුග්ගලා අට්ඨ සතං පසත්ථා - චත්තාරි එතානි යුගානි හොන්ති
තෙ දක්ඛිය්‍යා සුගතස්ස සාවකා - එතෙසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතූ
මෙයින් තුන්දොස් හිරකරන ලද දෙහි මතුරා කපනු.අනුන් හා යුක්ති බණන විට සිහිකර බණනු.දිනයි.රජුන් දැකීමට 108 වරක් තැඹිලි තෙල් මතුරා ගානු.
6. යෙ සුප්පයුත්තා මනසා දළ්හේන - නික්කාමිනො ගොතම සාසනම්හි
තෙපත්ති පත්තා අමතං විගය්හ - ලද්ධා මුදා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතූ
මෙයින් සහල් ගැරූ තැනකින් ගල්කැට 7 ක් ගෙන එක ගලට 7 බැගින් මතුරා ගෙයි සතර කොනේද,ගේ මැද්ද,ඉස්දොර පාමුලද තබනු.තමන්ගේ රහස්ද,රහසේ තැබූ බඩුද එලි නොවේ.
කුරුමිණියන් කෑ පත්‍රයක මෙය ලියා 108 වරක් පිරිත් කොට ලඟ තබා ගනු.වසංගත රෝග නොවැළඳේ.
7. යටින්දඛීලො පඨවිංසිතොසියා - චතුබ්භිවාතෙගි අසම්පකම්පියො
තථූපමං සප්පුරිසං වදාමි -යොඅරිය සච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතූ
8. යෙ අරිය සච්චානි විභාවයන්ති - ගම්භීර පක්ණ්ඤේන සුදේසිතානි
කිඤ්චාපිතෙ හොන්ති භුසප්පමත්තා - නතෙ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සංඝේ රතනං පණීතං - ඒතේන සච්චේන සුවත්ථි හෝතූ
මෙයින් මීතෙලට 108 වරක් මතුරා ඇඟ ගානු.ශ්‍රියා වැඩිවේ.අමනුෂ්‍යයන් සම්බන්ධ භයක් ඇති වූ විට මෙයින් පිරිත් කරානු.සඳුන් මතුරා තිලක තියනු.නපුර දුරුවෙයි.
9. සහාවස්සදස්සන සම්පදාය - තයස්සු ධම්මා ජහිතා භවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්චිතඤ්ච -සීලබ්බතංවාපියදත්ථි කිඤ්චි
චතූහපායෙහිච විප්පමුත්තො - ඡචාභිඨානානි අහබ්බොකාතුං
ඉදම්පි සංඝෙ රතනං පණීතං - එතෙන සච්චෙන සුවත්ථිහොතු
මෙයින් 108 වර තෙල් මතුරා කකුලේ ගානු.වේදනා දුරු වී යයි.
10. කිඤ්චාපි සො කම්මං කරොති පාපකං - කායෙන වාචා උදචේත සාවා
අහබ්බො සො තස්ස පට්ච්ඡාදාය -අහබ්බතා දිට්ඨ පදස්ස වුත්තා
ඉදම්පි සංඝෙ රතනං පණීතං - එතෙන සච්චෙන සුවත්ථිහොතු
මේ ගාථාව කියා කුඹුරේ සී සානු.ඌරෝ නොකත්.සොරුන්ගෙන් උපද්‍රව සිදු නොවේ.මෙයින් බෙහත් වලට මතුරා දෙනු.සියළු ආරක්ෂාවට යහපති.
11. වනප්ප ගුම්බේ යතා ඵුස්සිතග්ගෙ - ගිම්හාන මාසෙ පඨමස්මිං ගිම්හෙ
තථූපමං ධම්මවරං අදෙසයි -නිබ්බානගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං - එතෙන සච්චෙන සුවත්ථිහොතු
මෙයින් 108 මතුරා පැන් පොවනු.ගර්භිනීහු වහා ප්‍රසූත කෙරෙත්.වී වලට මතුරා වපුරනු.අස්වැන්න වැඩිවේ.බෙගෙත් දෙනවිට මතුරා දෙනු.සුවය ඉක්මන් වේ.
12. වරො වරඤ්ඤූ වරදො වරාහරො - අනුත්තරො ධම්ම වරං අදෙසයි
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං - එතෙන සච්චෙන සුවත්ථිහොතු
මේ ගාථාවෙන් 108 වරක් වතුර මතුරා ඉසිනු.ඉපියන් මීයන් ආදී සතුන්ගෙන් උපද්‍රව නැතිවේ.පැනට පිරිත් කොට ළදරුවන් නාවනු.උපද්‍රව දුරුවේ.සිරුරේ ගඩු ඇතිවිට අතට 108 වරක් මතුරා පිරිමදිනු.සුව වේ.
13. ඛීණං පුරාණං නවංනත්ථි සම්භවං - චිරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං
තෙ ඛීණ බීජා අවිරුළ්හිච්ඡන්දා - නිබ්බන්ත් ධීරා යථායම්පදීපො
ඉදම්පි සංඝෙ රතනං පණීතං - එතෙන සච්චෙන සුවත්ථිහොතු
මෙයින් පිස්සු බල්ලන් කැවාට 108 වරක් මතුරා තෙල්ගානු.මෙයින් වතුර පිරිත් කොට ගෙයි ඉසිනු.උපද්‍රව දුරුවේ.ළදරුවන්ට රන්කිරි කට ගෑම්මේදී කිරට පිරිත් කරනු.
14. යානීධ භූතානි සමාගතානි - භුම්මානි වායා නිව අන්තලික්ඛෙ
තථාගතංන් දේව මනුස්ස පූජිතං - බුද්ධං නමස්සාමි සුවත්ථි හෝතු
යානීධ භූතානි සමාගතානි - භුම්මානි වායා නිව අන්තලික්ඛෙ
තථාගතංන් දේව මනුස්ස පූජිතං - ධ්ම්මං නමස්සාමි සුවත්ථි හෝතු
යානීධ භූතානි සමාගතානි - භුම්මානි වායා නිව අන්තලික්ඛෙ
තථාගතංන් දේව මනුස්ස පූජිතං - සංඝං නමස්සාමි සුවත්ථි හෝතු
මෙයින් මීමැස්මොරයට 108 වරක් තැඹිලි මතුරා සතියක් බොන්නට දෙනු.සියළු ආරක්ෂාවට නිති සිහිකරනු.
පිරිත් යනු බුද්ධ භාෂිත දේශනාය.ඉහත දැක්වූ පරිදි මෙය මන්ත්‍ර නොවේ.පිරිතේ බලය මන්ත්‍රබලය අබිබවයි.එසේ වන්නේ ප්‍රතිපත්ති සපුරා සත්‍යක්‍රියාකොට සඣ්ඣායනා කිරීමෙන් පමණි.උදව් ලබා ගත්තේ පිරුවාණා පොත් වහන්සේ ගෙනි.
උපුටා ගැනීම "සඳකඩපහණ" පිටුවෙනි
ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ
සහකාර විදුහල්පති ශාස්ත්‍රපති
බුස්දුල්ලේ සිරිධම්ම හිමි
රතන සූත්‍රයේ උත්පත්තිය පිළිබඳ ව පවතින්නේ සුවිශේෂී කතාවකි. බරණැස් රජුගේ අග මෙහෙසියගේ කුසෙහි දරුවෙකු පිළිසිඳ ගත්තේ ය. රජු විසින් ඇය මෙන් ම දරු ගැබ ද මනා ව ආරක්ෂා කරමින් පැවැත්විය යුතු චාරිත්‍ර විධි ආදිය මැනවින් සිදු කළහ. කාලයාගේ ඇවෑමෙන් අග මෙහෙසිය දරුවා බිහි කළා ය.
ඇයි විසින් බිහිකරන ලද්දේ මස් වැදැල්ලක් ය. රජතුමා ඇතුළු සමස්ත රටවැසියන් තමාගෙන් රන්වන් පුතෙකු අපේක්ෂා කළ බව දන්නා අගමෙහෙසිය තමන් බිහිකළේ මස් පිඬුවක් බව දැනගතහොත් තමන්ට ලැබෙන ලාභ සත්කාර මෙන් ම පිළිගැනීම ද අඩුවේයැයි කල්පනා කොට මස්පිඬුව භාජනක දමා රාජ්‍ය ලාංඡනයෙන් මුද්‍රා තබා බරණැස් රජුගේ අගමෙහෙසිය ගේ ප්‍රජාව යැයි ලියා තබා ගඟක දැමුවා ය. ගඟට දැමු විටම දෙවියන් අරක් ගෙන එය ආරක්ෂා කළේ ය. ගසාගෙන යද් දි ගංතෙර වසන තාපසයෙක් ඒ භාජනය දැක පාංසකූල සංඥාවෙන් එය ගත්තේ ය. අනතුරුව එහි අකුරු සහිත බවක් දැක එය විවෘත කළේ ය. විවෘත කළ ඔහුට මස් පිඬු දැකීමත් සමඟ මෙබඳු අදහසක් විය. ගැබක් වන්නේ ය. නමුත් එයින් දුර්ගන්ධයක් හෝ අපිරිසුදු බවක් පිට නොවේ. ඒ නිසා අසපුවට ගෙන ගොස් පිරිසුදු කොට තැබීය. මාස භාගයක් ගිය විට එක් මස් පිඬුව දෙකක් බවට පත් විය. තාපසයා එය දැක නැවතත් වඩාත් හොඳින් ආරක්ෂිත තැනක එය තැන්පත් කළේ ය. කල් යද් දී එක් මස් පිඬුවක් රන් පිළිරුවකට සමාන දරුවෙක් ද අනෙකෙන් දැරියක් ද බිහි වූහ. දරුවන් කෙරෙහි දරු සෙනෙහස තාපසයා තුළ ඇති විය. තාපසයාගේ ඇඟිලිවලින් කිරි ද බත් ද ඉපදුණේ ය.
තාපසයා බත් අනුභව කොට කිරි දරුවන්ට ලබා දෙයි. දරුවන්ගේ උදරයට යමක් පිවිසිය ද මැණික් බඳුනකට ගිය දෙයක් සේ පෙනෙන්නට විය. මෙසේ සැඟවුණු සිවි ඇත්තෝ වූහ.අන්‍යයන් මසා තබන ලද්දාක් මෙන් ඔවුන්ගේ එකිනෙකාට නොපෙනෙන සම ඇත්තෝ විය. මෙසේ ඔවුහු සිවියෙන් තොර වු බැවින් හෝ සැඟවිය සිවි ඇති නිසා හෝ ලිච්ඡවී යැයි ප්‍රකට වූහ.
තාපසයා දරුවන් පෝෂණය කරන නිසා පිඬු පිණිස ගමට යාමට ප්‍රමාද වෙයි. ඔහුගේ කටයුත්ත දැනගන්නා ගොපල්ලෝ ස්වාමීනි පැවිද්දන්ට දරුවන් පෝෂණය කිරීම බාධාවක් යැයි ප්‍රකාශ කොට අපට දරුවන් දෙනු මැනවි. අපි පෝෂණය කරන්නෙමු. තොප තමන්ගේ කටයුතු කරනු මැනවැයි කීහ. තාපසයා මැනවැයි පිළිගත්තේ ය. ගොපල්ලෝ දෙවැනි දිනයෙහි මාර්ගය සම කොට මල් විසුරුවා ධජ පතාකයන් ඔසවා පංචතූර්ය භාණ්ඩයන් වාදනය කරමින් අසපුවට පැමිණියහ. තාපසයා මහා පිනැති දරුවන් අප්‍රමාදව පෝෂණය කරවව්ද, ඔවුනොවුන් ආවාහ විවාහ කරවව් ද, පස්ගෝ රසයෙන් රජුන් සතුටු කොට බිම් කොටසක් ගෙන නගරයක් නිර්මාණය කරව්. එහි කුමාරයා අභිශේක කරවව් කියා දරුවන් දුන්නේ ය. ඔවුහු මැනවැයි පිළිගෙන දරුවන් ගෙන ගොස් පෝෂණය කළහ. දරුවෝ වැඩිවියට පත් ව ක්‍රීඩා කරද්දි වාද විවාද ඇති වු විට ගොපලු දරුවන්ට අතින් ද පයින් ද පහර දෙති. ඔවුහු හඬති. කුමක් නිසා හඬන්නේ දැයි වැඩිහිටියන් ප්‍රශ්න කළ විට තාපසයා විසින් පෝෂණය කළ මව්පියන් නැති මොවුහු අපට පහර දෙති. මවුපියෝ , මේ දරුවෝ අනෙක් දරුවන් පීඩාවට පත් කරයි. දුකට පත් කරති. මේ අය ආශ්‍රයට නොගත යුතු ය. මොවුන් වර්ජනය කළ යුතුය යනුවෙන් කීහ. එතැන් පටන් මේ ප්‍රදේශය වජ්ජි දේශය යයි කියති. එය ප්‍රමාණයෙන් යොදුන් 300 කි. ඉක්බිති ගොපල්ලෝ රජුන් සතුටු කොට ඒ ප්‍රදේශය ලබා ගත්හ. එහි නගරයක් ගොඩනගා සොළොස් වස් වු කුමාරයා අභිෂේක කොට රජු බවට පත් කළහ. මොවුහු පිටතින් දැරියක් නොගෙන ආ යුතු බවත් එම දැරිය හා සමඟම ආවාහ විවාහ කළ බවත් ප්‍රකාශ කළහ. මොවුන්ට පළමුව දුව හා පුතා ලෙස දරුවන් දෙදෙනෙක් ඉපදිණි. සොළොස් වාරයක් දෙදෙනා බැගින් ම ඉපදුනි. ඉන්පසු ක්‍රමානුකූලව වැඩෙන්නා වු මේ දරුවන්ට ආරාම, උද්‍යාන, වාසස්ථාන පිරිවර සම්පත් ඇති කරන්නට අල්පව පැවති එම නගරය තුන්වරක් ගව්ව ගව්ව බැගින් ඉඩ ඇතිව පවුරකින් වට කළහ. නැවත නැවත විශාල කරන ලද එයට වේසාලි යනුවෙන් නමක් තැබීය. මෙලෙසින් විශාල මහනුවර හා ලිච්ඡවී රජවරුන් බිහිවීම පිළිබඳව අටුවාවෙහි සඳහන් වේ.
බුදුරදුන් ජීවමාන කාලයෙහි වේසාලිය සමෘද්ධිමත් නගරයක් විය. රජවරු ම හත්දහස් හත්සිය හත් දෙනෙක් වූහ. එලෙසින් ම යුව රජවරු සේනාධිපතිවරු භාණ්ඩාගාරිකවරු ආදි සියල්ල රාජ්‍ය නිලධාරීන් ද යුක්ත විය. බොහෝ ජනයාගෙන් ද සම්පත්වලින් ද යුක්ත වූ වේසාලි නුවර ආහාරයෙන් ස්වයංපෝෂිත විය. එහි පොහොසක් වූ වේසාලියේ පසුකලෙක දුර්භික්ෂයක් හට ගත්තේ ය. වැස්ස නැතිවිය. ගොවිතැන් පාලු විය. ආහාර හිඟ වීමෙන් මිනිස්සු මැරෙති. මළ මිනිසුන් නගරයෙන් පිටතට ගෙන ගොස් දමති. මළමිනි දුර්ගන්ධය නිසා අමුනෂ්‍යයෝ නගරයට පිවිසියහ. අමනුෂ්‍ය උවදුර ද ඇති විය. පිළිකුල් බව නිසා ම සත්වයන්ට අභිවාතක රෝගය හට ගත්හ. දුර්භික්ෂ, අමනුෂ්‍ය රෝග යන තුන් බියෙන් උපද්‍රව සහිත වු රටවැසියෝ රජු වෙත පැමිණ රජතුමනි, පෙර මෙවැන්නක් නොවී ය. සත්වෙනි පරම්පරාව දක්වා මෙවන් විපතක් සිදු නොවී ය. ඔබතුමාගේ ඇති අදැහැමි බව නිසා ම මෙවැන්නක් ඇතිවුනේ යැයි පැවසූ හ. රජතුමා සියල්ලන් රැස්වීම් ශාලාවට එක් කරවා තමාගේ අදැහැමි භාවය සොයා පෙන්වා දෙන ලෙස ඉල්ලූහ. ඔවුහු තොරතුරු සොයන්නේ එය නො දැක රජුගේ වරදක් නැත. අපගේ බය කෙසේ සන්සිඳෙන්නේදැයි විමසූහ. ඇතමෙක් ෂඩ් ශාස්තෘවරුන් වෙත ගොස් සහනයක් පැතිය යුතුයැයි ප්‍රකාශ කළහ. ඇතැම්හු බුදුන් වහන්සේ වනාහි ලොව උපන්නේය. උන්වහන්සේගෙන් සහනයක් පැතිය යුතු යැයි ප්‍රකාශ කළහ.
ඔවුන්ගෙන් ආරාධනා ලද බුදුරදුන් තමන් විසාලා මහනුවරට වැඩම කොට රතන සූත්‍රය දෙසු කල්හි ආරක්ෂාව ඇති වන්නේ යැයි ද, කෝටි සියදහස් සක්වල පැතිරෙන්නේ යැයි ද, අසූ හාරදහසකට ධර්මාභිසමය වන්නේ යැයි ද දැන ආරාධනාව පිළිගත්හ. බුදුරදුන් පන්සියයක් භික්ෂූන් පිරිවරා යොදුනක පමණ මාර්ගයෙහි ගඟෙහි වැඩම කළහ. විශාලා මහනුවර වැසියන්ගේ සීමාවට වැඩම කරද්දී ම ලිච්ඡවී රජවරු තම නුවරට පෙරහරේ බුදුරදුන් වඩම්මාගෙන ආහ. ඒ ඇසිල්ලෙහි ම ආලෝකය අතුරුදහන් ව අඳුරු වූ වළා ගැබක් පැතිර ගියේ ය. භාග්‍යවතුන් වහන්සේ පළමු පියවර ගංතෙරෙහි තැබු අවස්ථාවේ ම පොකුරු වැස්සක් හට ගත්තේ ය. හැම තැනම දණ පමණ, ගෙල පමණ ජලය ගලා බසී. මළකුණූ ජලයෙන් ගංගා නම් ගඟට ගසාගෙන ගියේය. මුලු පරිසරය ම පිරිසුදු විය. ලිච්ඡවී රජවරු බුදුරදුන් විශාලා මහනුවරට වැඩම කරවා ගෙන ගියහ. ශක්‍ර දිව්‍ය රාජයාත් දිව්‍ය සමූහයා පෙරටු කොටගෙන පැමිණියහ. මහේශාඛ්‍ය දෙවියන්ගේ පැමිණීම නිසා අමනුෂ්‍යයෝ පලා ගියහ. බුදුරදුන් නගර දොරටුවෙහි වැඩ හිඳ ආනන්ද හිමියන් අමතා ආනන්දයිනි. මේ රතන සුත්‍රය ඉගෙන ගෙන පුජා කර්මයට අවශ්‍ය වන උපකරණ ගෙන්වා ගෙන ලිච්ඡවී රාජකුමාරයන් සමඟ විශාලාවෙහි තුන් පුවරු අතරෙහි යමින් පිරිත් කරවයි නියම කළහ.
ආනන්ද තෙරුන් බුදුරදුන්ගේ නියමය පරිදි තෙරුවන් ගුණ ඇතුළත් පිරිත් දෙසා පිරිත් පැන් නගරයෙහි ද ගං දනව්වෙහි ද ඉසීමෙන් පසු පැවති ත්‍රිවිධ උපද්‍රවයන් සමනය වී රට වැසියන්ට ජීවත් වීමට සුදුසු වටපිටාවක් නිර්මාණය විය.
රතන සූත්‍රයේ ගාථාවක අවසානයෙහි ඒතේන සච්චේන සුවත්ථි හෝතු මේ සත්‍යයේ හේතුවෙන් යහපතක්ම වේවා යන ප්‍රාර්ථනාව අන්තර්ගත වේ.